"රාජපක්ෂ මහත්තයා මල්ලිට වුණත් දෙන්න කැමති නෑ"

එක්සත් ජාතික පක්ෂය තුළ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ද ජනාධිපති අපේක්ෂයා තෝරා පත් කර ගැනිමේදී ඇත්තේ බල තණ්හාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දෙනියායේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් අතීතයේ ඡන්ද යුද්ධ පැමිණෙන්නේ ඡන්ද කාලේ වුවත් දැන් වන විට, දැන් ඡන්දේ යුද්ධය පක්ෂය ඇතුළේ නිර්මාණය වී ඇතැයි ද පැවසීය.
ආරංචි අනුව එක්සත් ජාතික පක්ෂය විසින් අගෝස්තු 5 වන දා මහා සන්ධානයක් හදන බවට අඩබෙර ගසා පැවසු බවද කියා සිටි අනුර කුමාර මහතා, පසුව සන්ධානය නොමැති බවට නිවේදනයක් එන බව ද කියා සිටියේය.
අපේක්ෂකයින් පත් කර ගැනීමට ඇති පොරය නිසාවෙන් මෙම තත්ත්වය ඇති බව තිබෙන බවත් පැවසු දිසානායක මහතා, “තමන් රජ පුටුවේ වාඩි වුණොත් තමයි තමන්ට හරියන්නේ “ යනුවෙන් පැවසීය.
පක්ෂයක් නම් එවැනි පොරයක් අනවශ්‍ය බවද පැවසු ඒ මහතා රාජපක්ෂ මහතා තවමත් මල්ලි වුවත් අපේක්ෂත්වය ලබා දීමට සුදානම් නොමැති බවද කියා සිටියේය.
තමන්ගේ පවුලට සැලකීමට නම් තමන් රජ විය යුතු යැයි ද පැවසු අනුර කුමාර මහතා, එනිසා අද වන විට පොදු ප්‍රතිපත්තියක් අවශ්‍යව ඇති බවත් තනි පුද්ගලයෙකුට කිසිවක් කල නොහැකි බවත් පැවසීය.
සමඟිය ඇති ව්‍යාපාරයකට පමණක් මේ රට හැදිය හැකි බව පැවසු ඒ මහතා එයට කැප කිරීමක් අවශ්‍ය බවද සඳහන් කළේය.
No comments: