වැල්ලවත්තේ ඇති වු ගැටුමෙන් පොලිස් නිලධාරින් ඇතුළුව 6ක් රෝහලට

වැල්ලවත්තේ ඇති වු ගැටුමෙන් පොලිස් නිලධාරින් ඇතුළුව 6ක් රෝහලට

වැල්ලවත්ත ප්‍රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීරණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාක් සමාගමක පිරිසක් අතර හට ගත් ගැටුමකට පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව ඇත.

ගැටුම් හෙතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතිලත් කර ඇති බව පොලීසිය දන්වයි. 

සිද්ධිය සම්බන්ධයෙන්  මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඊයේ (04) රාත්‍රී 10 45ට පවමණ මෙම ගැටුම හට ගෙන ඇති අතර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසීය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන ඒකකයද කැඳවා තිබිණි.

No comments:

Powered by Blogger.