ආරක්ෂාව ගැන තනතුරු SFට දෙන්න එපා
ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා මේ වනවිට තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
ආරක්ෂක ලේකම්වරයා ලෙස හා පොලිස්පතිවරයා ලෙස පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ තීරණය කරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බවද ඊයේ (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා හමුදාපති තනතුර දරන කාලයේදී සියලු දෙනා තරහා කරගෙන සිටි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන් බැවින් යුද්ධය ජයග්‍රහණය කළ බවත් ඔහු පැවසීය.
No comments: