දයා රත්නායක ආරක්ෂක ලේකම් ධූරයට පත් කෙරුවා යැයි යන කතා බොරු
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය සදහා හිටපු යුද හමුදාපති, ජනරාල් දයා රත්නායක මහතා පත්කර ඇති බවට රාවයක් පැතිර ගොස් ඇතත් එහි කිසිඳු සත්‍යයක් නොමැති බව වාර්තාවෙයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතාගේ හා හිටපු පොලිස්පතිවරයකු වන එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නම් යෝජනා වී තිබුන ද ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' ජනරාල් දයා රත්නායකගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් කිසිවෙකු විසින් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.
මේ අතර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
එහිදී ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ තමන් අතින් යම් වරදක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම් එම වගකීමෙන් කොටසක් හෝ භාර ගැනීමට සූදානම් බවයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය සදහා සුදුස්සෙකු පත් කර, තමන්ට ඉවත් වන ලෙස දැනුම් දෙන්නේ නම් ඒ සදහා සූදානම් බවද හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා වෙත පවසා ඇත.
ජනපතිගේ පැය 24 අවසන් :
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23දා) ජාතිය අමතමින් සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ජනපතිවරයා ජාතිය අමතා මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇතත් ආරක්ෂක අංශයන්හි කිසිඳු වෙනසක් සිදු නොවීය.
ඊයේ දිනයේදි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනපතිවරයා දන්වා තිබුණත් ඔවුන් දෙදෙනාගේද ඉල්ලා අස්විමක් මේ වන තෙක් සිදු නොවීය.
සිය සේවයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ජනාධිපතිවරයා දෙවරක් ඉල්ලීම් කර ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සේවයෙන් ඉල්ලා අස්වීමට තවමත් සූදානමක් නොපෙන්වා ඇතැයි වාර්තාවෙයි.
පූජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස්වන්නැයි අගමැතිවරයා ද දැනුම් දී ඇතැයි වාර්තාවේ.
SLM
No comments: