මස්කෙලියේ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් හමුවෙයි

මස්කෙලියේ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් හමුවෙයි

මස්කෙලිය, නල්ලතන්නිය ප්‍රදේශයේ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, වෝකි ටෝකි උපකරණ 4 ක් රවුටර් උපකරණ දෙකක්, දුරස්ත පාලකයක් මෙන්ම තව ත් උපකරණ රැසක් එහිදී සොයා ගත් බවයි.

මේ අතර ගලහ දික්හින්නපතන ප්‍රදේශයේ කළ වැටලීමකදී පසුගිය දා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඔහු සන්තකයේ තිබි ඉමි අංක සහිත දුරකතන 123 ක්, දුරකතන කොටස් 52 ක්, දුරකතන බැටරි 324 ක්, භාවිත කරන දුරකතන 3 ක් සහ තව ත් උපකරණ සොයා ගත් බවයි.

No comments:

Powered by Blogger.