"ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඉස්ලාම් අන්තවාදය මෙරටින් තුරන් කරනවා" - ගෝඨා

තමන් නිසැකවම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේය.

එසේම බුද්ධි සේවා යළි ගොඩනැඟීමේ වගකීම ද තමන් විසින් බාරගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියි.

බෝම්බ ප්‍රහාර සම්බන්ධව පැහැදිලි තොරතුරු සැපයීමට ආණ්ඩුව අසමත් වූ අතර මේ වන විටත් පාලකයින් ඉස්ලාමීය සටන්කාමීන් වෙත චෝදනා කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.

එකිනෙකාට දොස් පවරා ගනිමින් සිටින අතර සිදුවී ඇති දේ පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් අපොහොසත් වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

යුධ සමයේ තමන් විසින් ගොඩනැගූ බුද්ධි ජාලය සහ පුළුල් අධීක්ෂණ පද්ධතීන් වත්මන් ආණ්ඩුව විසින් දුර්වල නොකළේනම් පසුගිය දින දිවයිනේ ඇති වූ ප්‍රහාරයන් වළක්වා ගැනීමේ හැකියාව තිබූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

No comments:

Powered by Blogger.