අගමැති සටනට අගමැති මෝදී ඡන්දය පල කරයි.



ලොව වැඩිම ජනතාවක් සහභාගි වන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ තුන් වන හෙවත් විශාලතම පියවරට අයත් ඡන්ද විමසීම පැවැත්වුවා.

තමන්ගේ උපන් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රාන්තයේදී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ද මේ අවස්ථාවේ සිය ඡන්දය භාවිත කරනු ලැබුවා.

ප්‍රාන්ත 29ක් සඳහා ඡන්ද කොට්ඨාස 117ක් වෙනුවෙන් ජනතා නියෝජිතයන් පත් කර ගැනීමට මිලියන 188ක ඡන්දදායක පිරිසක් සුදුසුකම් ලැබ සිටිනවා.

ඡන්ද පොළ බලා පිටත්වීමට පෙර සිය මෑණියන් හමුවී ඇගේ ආශීර්වාදය ලබාගත් අගමැතිවරයා, සිය ගණනක් ආධාරකරුවන් පිරිවරා විවෘත ජීප් රියක නැඟී ගමන් කළ අතර, පෙරවරු 8 පසුවී සුළු වේලාවකින් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියානු පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව 545කි.

මෙම සියලු ආසන සඳහා ඡන්ද විමසීම අප්‍රේල් 11 සිට මැයි 19 දක්වා පියවර 7ක් යටතේ සිදු කෙරෙන අතර, ඡන්ද ගණනය කරනු ලබන්නේ මැයි 23 වනදාය.

No comments:

Powered by Blogger.