අගමැතිවරයාගේ ඉල්ලීමෙන් ඇමරිකාවෙන් ඩොලර් ඩොලර් මිලියන 480ක්

අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක මූළ්‍ය ප්‍රධානයක් ලබාදීමට ඇමරිකානු රජයේ මිලේනියම් චැලේන්ජ් අරමුදල තීරණය කර තිබේ.

එම මුදල දළ වශයෙන් රුපියල් කෝටි 8400ක පමණ මුදලක් වන අතර එය ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලැබෙන දැවැන්තම මූළ්‍ය ප්‍රධානය බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම මුදල වසර 5ක් ඇතුළත මෙරටට ලැබීමට නියමිත අතර ඒවා සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පැවසීය.

එසේම පසුගිය පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව විමර්ශනයට මේ වනවිට FBI නිලධාරීන් පිරිසක් ද මෙරටට පැමිණ ඇති අතර ඔවුන් විමර්ශන කටයුතු ද අරඹා ඇත.

කෙසේ වෙතත් ඇමරිකානු හමුදා මෙරටට ඇතුළුවීම හා රාජ්‍ය තන්ත්‍රයෙන් ඊට අනුබල ලැබීම සම්බන්ධව යම් විරෝධයක් ද සමාජය තුළ ඇත. ඇමරිකාවේ මෙම මැදිහත්වීම ශ්‍රී ලංකාව තවත් සිරියාවක් බවට පත්කිරීමේ සැළසුමක් බව ද ඇතැම්හු පවසති.

The US government's Millennium Chalet Fund has decided to provide US $ 480 million as the prime minister's request.

This amount is approximately Rs. 8400 million and it is the largest financial donation in history to Sri Lanka, said the Finance Ministry.

The money will be received by the country within 5 years, the Finance Ministry said.

No comments:

Powered by Blogger.