යාපනය කොටුව තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 3ක් කොටු

යාපනය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන්ට ලැබුණු තොරතුරක් මත යාපනය කොටුව තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ (24) සවස අත් අඩංගුවට ගෙන තිබේ.
මේ තුන් දෙනාද යාපනයට පැමිණීමට හේතූන් පොලීසියට පැහැදිලිව ඉදිරිපත් කිරීමට නොහැකි වූ මුස්ලිම් තරුණයින් තුන් දෙනෙකි.
පොලීසිය පවසන්නේ ඔවුන් පදිංචි ලිපිනයන් වශයෙන් ලබා දී ඇති ප්රදේශවල ඔවුන් කාලයක්ම පදිංචිව නොසිටි බව අදාල පළාත් වල පොලිස් ස්ථාන විසින් තහවුරු කොට ඇති බවයි.
මේ හේතූන් මත අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනාගෙන් යාපනය පොලීසිය ප්රශ්න කරමින් පවතී.
මේ වන විට කොළඹ ඇතුලු ස්ථාන අටකදී පාස්කු දිනයේ බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් පහළොස් දෙනෙකු යාපනයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
(දිනසේන රතුගමගේ)
No comments: