ලෝකේ ලස්සනම කැම්පස් කෙල්ල හෘදයාබාධයකින් මියයයි



2017 විශ්වවිද්‍යාල ලෝක රූ රැජිණිය වුන Lotte van der Zee හදිසියේම හැදුන හෘදයාබාධයක් නිසා පසුගිය බදාදා ජීවිතයෙන් සමුගෙන ගිහිල්ලා. ඇය මෙහෙම මියගිහින් තියෙන්නේ තමන්ගේ 20 වෙනි උපන්දිනය පහුවෙලා යන්තම් සති දෙකක්වත් යන්න කලින් කියල තමයි දැනගන්න ලැබෙන්නේ.






තමන්ගේ පවුලේ අය එක්ක 20 වෙනි උපන්දිනේ ජයටම සමරන්න හිතාගෙන ඕස්ට්‍රේලියාවේ වෙස්ටන්ඩොෆ් වල විනෝද චාරිකාවක නිරත වෙලා හිටපු මේ යුවතිය උපන්දිනයට හරිටම එක දවසක් තියෙද්දී හදිසියේම අසනීප වෙලා තියෙනවා. ඇයට හටගෙන තිබුනේ හෘදයාබාධයක්.

රෝහල් ගත කිරීමෙන් පස්සේ සති දෙකක කාලයක් කෝමා තත්ත්වයේ හිටපු ඇය තමගේ දෙමව්පියන්ගේ හිත්වල දරාගන්න බැරි දුකක් ඉතිරි කරලා පසුගිය බදාදා සදහටම දෑස් පියාගෙන තියනවා.

නැගෙනහිර නෙදර්ලන්තයේ සිට පැමිණි ලතින් සම්භවයක් සහිත මේ තරුණිය තමයි 2017 අවුරුද්දේ ලෝක විශ්වවිද්‍යාල රූ රැජිණිය බවට පත්වෙලා තියෙන්නේ

කොහොම වුනත් තමන්ගේ දියණියගේ මේ හදිසි මරණයෙන් පස්සේ ඇයගේ අවසන් ගමනේ ඡායාරූපයක් එක්ක ශෝක පණිවිඩයක් දියණියගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුල පලකරන්නත් මේ දෙමව්පියෝ කටයුතු කරලා තිබුනා. 







.







උපුටා ගැනිම - mawbima

No comments:

Powered by Blogger.