බාලදක්ෂ ගැට පුරුදු වෙමින් සිටි සිසුවා ලණුවට ගෙල සිරවී මියයයි

බාල දක්ෂ කඳවුරකට අවශ්‍ය ලණු මගින් සිදුකරනු ලබන විවිධ වර්ගයේ ගැට දැමීම නිවසේ පුහුණු වෙමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යයකු එම ගැට සහිත තොණ්ඩුවක් ගෙලට දමා පුහුණු වීමට යෑමේදී ගෙල සිරවී මියගොස් ඇතැයි ගම්පොල කුරුඳුවත්ත පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ කරගල මීතලාව පදිංචි කරුණාපේඩිගෙදර නිමෝන් ඉෂාන් චන්ද්‍රරත්න නමැති ශිෂ්‍යයාය.
මොහු ගිරාඋල්ල විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබන සිසුවෙකි.
පාසලේ සවස 4 වන තුරු බාලදක්ෂ පුහුණුවේ නිරතව සිට නිවසට පැමිණ පසුව නිවසේ තිබූ ලණුවක් රැුගෙන කාමරයකට ගොස් එම ලණුවෙන් නැවත ගැටගැසීම් පුහුණු වී තිබේ. පසුව එම පාඩමට අයත් රුවල් ගැටේ යොදා ලණුව බෙල්ලට දමා ගැනීමෙන් පසු කාමරයේ වහලේ බාල්කයට ලණුව දමා පහළට බැසීමට උත්සාහ ගැනීමේදී ගෙල සිරවී මෙම සිසුවා මියගොස් තිබේ.
සිකුරාදා (22 දා) සවස 5.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර කුරුඳුවත්ත පොලිසිය පැමිණ සිසුවාගේ සිරුර ගම්පොල රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබේ.
සෙනසුරාදා (23 දා) දින එම සිසුවාගේ මරණ පරීක්ෂණය එහිදී සිදුකිරීමට සූදානම් වුවත් එහි අධිකරණ වෛiවරයකු නොමැති කමින් එම සිරුර නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැුගෙන යෑමට සිදුව තිබේ. එහිදී ග`ග ඉහළ කෝරළේ හදිසි මරණ පරීක්ෂක එස්. බී. සී. ආනන්දතිලක මහතා විසින් මෙහි මරණ පරීක්ෂණය සිදුකළ අතර කුරුඳුවත්ත පොලිසියේ පොලිස් සැරයන් (20772) චන්ද්‍රසිරි මහතාගේ සාක්ෂි මෙහෙයවීම මත සිසුවාගේ මව වන බුළුගහ කොටුවේ ගෙදර මාධනී සමන්තා කුමාරි (35) මෙසේ පැවසුවාය.
‘මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මියගිය දරුවා තමයි වැඩිමහල් පුතා. එයා ඉස්කෝලේ ගිහින් හවස 4.00 ට විතර ගෙදර ආවා. ඇඳුම් ගලවලා ඇ`ගපත හෝදාගෙන කෑම කාලා ගෙදර තිබුණු ලණුවක් අරන් කාමරයට ගියා.
මම ඇහුවා මොනවද කරන්න ලෑස්ති කියලා. අපට බාලදක්ෂ පුහුණුවක් තියෙනවා. ඒක පුරුදු වෙන්න ලෑස්ති වෙනවා කීවා. මම ඒ කාමරයට අල්ලපු කුස්සියේ ?ට කෑම හදන්න ලෑස්ති වුණා. ගෙදර වහලේ සිවිලිමක් නෑ. එයා කාමරයේ උඩට නැ`ගලා p3 3බාල්කයට ලණුව දානවා මම දැක්කා. මම සැර වෙන කොට කීවා අම්මා කෑගහන්නැතුව ඉන්නකෝ මට මේ පුහුණුව කරගන්න බැරි වෙනවා කියලා. ටික වේලාවක් යනකොට සද්දයක් නැති නිසා මගේ අවුරුදු 5 ක් වයස පොඩි පුතාට කීවා අයියා මොනවද කරන්නේ කියලා බලන්න කියලා. එයා කාමරයට ගිහින් ඇවිත් කීවා අයියා ලණුව දාලා ඔංචිලි පදිනවා කියලා. තව ටිකක් වෙලා ගියාම කිසිම ශබ්දයක් නැති නිසා මම ආයෙත් එයාට බලන්න කීවාම පොඩි පුතා ඇවිත් කීවා අයියා සද්දයක් නැතිව එල්ලිලා ඉන්නවා කියලා.
මියගිය සිසුවාගේ නිවස.
මම ගිහින් බලනකොට එයා ලණුවෙන් එල්ලිලා හිටියා. මම එළියට ගිහින් කෑ ගැහුවා. එතකොට දරුවාගේ බාප්පයි ගමේ අයයි ඇවිත් බලලා කීවා වැඩක් නෑ පොලිසියට කියමු කියලා.
කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති පො. ප. චන්දික ශ්‍රී කාන්ත මහතාගේ උපදෙස් මත උ.පො.ප. රාජපක්ෂ හා පො. කො. (67117) තිලකරත්න යන නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා සිරුර රෝහල වෙත යවා තිබුණි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නාවලපිටිය අධිකරණ වෛi නිලධාරි ඒ. බී. එම්. අයිසාල් මහතා ගෙල සිරවීමෙන් ශ්වාසනාලය අවහිර වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව ප්‍රකාශ කොට තිබුණි.
මෙහිදී අධිකරණ වෛi නිලධාරිවරයා පැවසුවේ සිසුන් මෙවැනි අනතුරුදායක ක්‍රියාවලට යොමු කිරීමේදී ගුරුවරු හා දෙමාපියන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. පුහුණුකරුවකු ඉදිරියේ පමණක් මෙවැනි අනතුරුදායක ක්‍රීඩා සිදුකරන්නේ නම් ආධුනිකයෝ අවදානමකට පත් නොවන බව ඔහු සඳහ
No comments: