දිග්ගල රක්ෂිතයට ගිනි තියලා



මීගහකිවුල දිග්ගල ගමට ඉහළින් පිහිටි දිග්ගල රක්ෂීතයට ඊයේ (25) රාත්‍රියේදී කිසියම්  පිරිසක් ගිනි තබා තිබෙනවා.

රක්ෂිතය ඉහළට පැතිර යමින් තිබූ ගින්න හේතුවෙන් එහි අක්කර දහයක පමණ කොටසක් පිළිස්සී විනාශයට පත්ව ඇතැයි  රක්ෂිතය පාමුල ගම්මානවල ජනතාව පවසති.

දිග්ගල රක්ෂිතය තුල ජල උල්පත් රැසක් මෙන්ම කහටල ඉඟිනිල දමුණුල කැටකෑල ආදී ගහ ස්වභාවික කොළ රැසක් ඇතැයිද අවට ගම්මු පවසති.

 රක්ෂිතය තුළ වල් ඌරන්ග මුවන්ග හාවුන් වැනි සතුන් වෙසෙන අතර එම සතුන් දඩයමේ ගිය පිරිසක් විසින් මෙම ගින්න තබන්නට ඇතැයි ගම්මු පවසති.

වසරක් පාසා සිදු කරන මෙම ගිනි තැබීම හේතුවෙන් මේ වනවිට රක්ෂිතයේ විශාල කොටසක් පතන් බිම්ක් බවට පත්ව ඇතැයි ද ගම්මු පවසති.

No comments:

Powered by Blogger.