දරුවන් තනිකර පලාගිය අම්මාට සිදු වු දෙ?



වවුනියාවේ පෙරියඋලුක්කුලම ගම්මානයේදී සිය දරුවන් තුන්දෙනා නිවෙසේ තනිකොට දමා නිවෙසින් පලාගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිස් ස්ථාන කිහිපයක් එක්ව මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

මාස 11ක් වූ පිරිමි දරුවකු හා අවුරුදු 07ක් හා 11ක් වන ගැහැනු දරුවන් නිවෙසේ දමා පලාගිය මෙම කාන්තාව කොළඹ යන බව පවසමින් පිටව ගොස් ඇත්තේ එම ළමයින් යාබද නිවෙසක පිරිසකට බලා ගන්නා ලෙස දැනුම් දෙමිනි.

දින කිහිපයක්ම කාන්තාව නොපැමිණි නිසා දරුවන් බලාගැනීම භාර කළ නිවෙසේ උදවිය මේ පිළිබඳව පෙරිය උලුක්කුලම පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබෙනවා.

දරුවන් තිදෙනා නිවෙසේ තනිවම සිටින බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත එම දරුවන් පොලිස් භාරයට ගෙන වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පොලිසිය පැවැසුවේ දරුවන් වවුනියාව පරිවාස හා ළමා ආරක්‍ෂණ අධිකාරිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දරුවන් අනුරාධපුරය ළමා නිවාස වෙත යොමු කරන ලෙසට අධිකරණය නියෝග කළ බවයි.

අධිකරණ නියෝග මත වයස මාස 11ක් වන දරුවා අනුරාධපුර අභය ළමා නිවාසය වෙතද, වයස අවුරුදු 07ක් 14ක් වන ගැහැනු දරුවන් අනුරාධපුරය අවන්ති දේවි ළමා නිවාසය වෙත භාරදුන් බවද පොලිසිය පැවසුවා.

දරුවන්ගේ මව විදේශගත වීම වළක්වාලමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතද නියෝග ලබාදී ඇති බවද පොලිසිය සඳහන් කළේය. අදාළ කාන්තාව සොයා වවුනියාව පෙරියඋළුක්කුලම ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක්ම පරීක්‍ෂණ ආරම්භ කොට තිබෙනවා.

No comments:

Powered by Blogger.