ගල්නෑවට අයිස් වැසි



මහවැලි එච් කලාපයේ ගල්නෑව මකුලෑව ප‍්‍රදේශයට ඇදහැළුණු ගිගුරුම් සහිත ධාරානිපාත වර්ෂාවත් සමග අයිස් පතිත වී තිබේ.

ඇදහැළුණු මෙම වර්ෂාව පැයක පමණ වෙලාවක් පැවති බව එම ප‍්‍රදේශවාසීහු පැවසුහ. එම අවස්ථාවේ වර්ෂාවත් සමග පැය භාගයකට ආසන්න කාලයක් අයිස් පතිතවී ඇත.

මේ අතර පුරා මාස තුනක් පමණ කාලයක් පැවති වැසි රහිත කාලගුණය හමාර කරමින් අනුරාධපුර

දිස්ත‍්‍රික්කයේ තලාව තඹුත්තේගම සහ අනුරාධපුර නිරාවිය යන ප‍්‍රදේශ ඇතුළු තවත් ප‍්‍රදේශ ගණනාවකට (23) දා සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි පතිත වී තිබේ.

No comments:

Powered by Blogger.