ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති නිතීය හා සාමය අමාත්‍ය ධූරය දැරෑ කාල සීමාවේ

ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති නිතීය හා සාමය අමාත්‍ය ධූරය දැරෑ කාල සීමාවේ

ශ්‍රි ලංකා ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිතීය හා සාමය අමාත්‍ය ධූරය දැරෑ කාල සීමාවේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ලබා දුන් ප්‍රකාශයෙන් පැහැදිලි වී තිබේ.

ඒ අනූව 2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය නිතීය හා සාමය අමාත්‍ය ධූරය මෙහෙය වූ කාල සීමාවෙදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 40ක් වේ.

2016 වර්ෂයේ කිලෝ 196ක් ද,2017 වර්ෂයේ කිලෝ 278ක්ද,2018 වර්ෂයේ ජනවාරි මාස සිට ඔක්තෝම්බර් 31වනදා දක්වා කිලෝ 183ක් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අතර මෙම කාල සීමාවන් තුළ නිතිය හා සාමය අමාත්‍ය ධූරය මෙහෙයවනු ලැබුවේ එජාප අමාත්‍යවරුන් වන තිලක් මාරපන,සාගල රත්නායක,රංජිත් මද්දුම බණ්ඩාර,රනිල් වික්‍රමසිංහ යන අය විසින් ය.

නමුත් 2018 වර්ෂයේ අග භාගයේදී එනම් නොවැම්බර් මාසයේ නීතිය හා සාමය අමාත්‍ය ධූරය තමන් යටතට පවරා ගන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසානයේ ලංකා ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීම සදහා තම අමාත්‍යාංශය සාර්ථකව මෙහෙයවනු ලැබීය.එහි ප්‍රතිඵලයක් ලෙස 2018 නොවැම්බර් මස 01වනදා සිට දෙසැම්බර් මස 31වනදා දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝ 553ක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්පසුව 2019 වර්ෂයේ සිට පෙබරවාරි මස 25වනදා දක්වා කාලය මත්ද්‍රව්‍ය කිලෝ 522ක් අත්අඩංගුවට ගනු ලැබුවේ ලංකා ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොගයත් සමග ය.

මෙසේ අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍යවලට සිසු වන දේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශ රුවන් ගුණසේකර මහතා පැහැදිලි කරමින් මෙසේ කියා සිටියේ ය.

අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග කිරා මැනීම සිදු කරන අතර ඉන්පසු අදාල පොලිස් වාර්තාවල නිශ්චිත ලෙස ඒවා සටහන් කිරිම සිදු කරයි.ඉන්පසුව සැකකරුගේ ඇගිලි සලකුණු සමග ඒවා මුද්‍ර තබන්නේ සැකකරු ඉදිරිපිටදීම ය.

ඉන්පසුව ඒවා නඩු භාණ්ඩ භාරව සිටින නිළධාරිය අතට පත්වන අතර ඒවායේ වගකීම දින දෙක තුනක් සදහා අදාල නිළධාරියා සතු වේ.

පසුව මුද්‍රා තැබූ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන අතර ඒවා පරීක්ෂා කර එහි ශුද්ධ බර සහ අඩංගු මත්ද්‍රව්‍ය රසායනිකය කුමක් ද යන්න විශේෂඥ වාර්තාවක් රජයේ රස පරීක්ෂකවරයා විසින් ගරු අධිකරණයට ලබා දෙනු ලබයි.එම වාර්තාව සමග මත්ද්‍රව්‍ය තොගයේ සාම්පලයක් ද යවනු ලබයි.

නඩුව ආරම්භ වූ පසුව මත්ද්‍රව්‍ය තොගය සම්පූර්ණයෙන්ම ගරු අධිකරණය වෙත ලබා දෙන අතර නඩුව අවසන් වනතුරු අධිකරණයේ ආරක්ෂිතව ඒවා තබනු ලබයි.

ඉන්පසුව පොලිසිය විසින් ආරක්ෂිත භාරය පිළිබදව ඔප්පු කිරිමක් සිදු කර යුතු වන අතර නඩු තීන්දුව ලබා දුන් පසූව,සැකකරු අභීයාචනා ක්‍රියාවලියට යන්නේනම් එම ක්‍රියාවලියත් අවසන් වූ පසුව අධිකරණයේ විනිසුරුතුමන් ඉදිරියේ ඒවා විනාශ කරනු ලබයි.

No comments:

Powered by Blogger.