පාසල් සිසුවිය දූෂණය කළැයි පළාත්සභා මන්ත්‍රී රත්තරන් අත්අඩංගුවට

පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහුපෙබරවාරි 23 වනදා අක්මීමන, බටදූව ප්‍රදේශයේ දේවාලයක් තුළදී
16 හැවිරිදි දැරියකට
බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමෙන් පසු ඒ ගැන දැරියගේ බාරකරුවන් පොලිසියට පැමිණිලි  කර තිබුණි.

ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නට සොයමින් සිටියදී මන්ත්‍රීවරයා අක්මීමන පොලිසියට භාරවීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති අතර අද (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සැකකාර මන්ත්‍රීවරයා දේශපාලන වේදිකාවලදී කවි කීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටින්නෙකි. පසුගිය දිනවල රන්ජන් ඇමතිවරයාට දුරකථනයෙන් කතාකර එම ඇමතුම සභාවක සජීවීව ඉදිරිපත්කිරීම නිසා ඔහු ගැන මාධ්‍ය තුළ කතාබහක්ද පැනනැගී තිබුණි.

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු මේ ආකාරයේ චෝදනා වලට ලක්වඋ මුල් අවස්තාව මෙය නොවන අතර මින් බහත 200 දෙනෙකු දූෂණය කර ඒ වෙනුවෙන් සාදයක් පැවැත්වූ මන්ත්‍රීවරයෙකු ගැනද වාර්තා පළව තිබුණි.



No comments:

Powered by Blogger.