පැය 5කින් යාපනය-කොළඹ යන දුම්රියකට සැලසුම්



යාපනය හා කොළඹ කොටුව අතර පැය පහක කාලයකින් දුම් රියක් ධාවනය කරවීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගය සැකසීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

අග‍්‍රාමාත්‍යවරයා හා ප‍්‍රවාහන අමාත්‍යවරයා පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ලැබුණු තොරතුරු මත මෙම අවශ්‍යතාවය ඉටු කිරීමට ඇති හැකියාව පිළිබ`දව සොයා බලන ලෙස දුම්රිය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මේ පිළිබ`දව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ කොළඹ හා යාපනය අතර දුර ප‍්‍රමාණය දළ වශයෙන් කිලෝමීටර් 399 ක් පමණ වූවත් පැය පහක කාලයකදී දුම්රියක් මේ නගර දෙක අතර ධාවනය කරවීමට නම් පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් එමදුම් රිය ධාවනය කළ යුතුව ඇති බවයි.

නමුත් උතුරු දුම්රිය මාර්ගයේ දැනට පවතින තත්ත්වය අනුව ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා වූ දුම්රිය මාර්ග කොටසේ එම වේගයෙන් දුම්රිය ධාවනය කරවීම කිසිදු ප‍්‍රශ්නයක් නොවන බව ඔහු පැවසීය.

ඉන්දීය රජය එම දුම්රිය මාර්ගය සකසා ඇත්තේ එම වේගයෙන් දුම්රියක් ධාවනය කරවීමට හැකිවන අයුරින් බව කී ඔහු පොල්ගහවෙල හා කොළඹ අතර මාර්ග කොටස සුළු සකස් කිරීමකින් පසුව එම තත්ත්වයට පත් කළ හැකි බව ද ස`දහන් කළේය.

නමුත් පොල්ගහවෙල සිට ඕමන්ත දක්වා කොටස සම්පූර්ණයෙන්ම සකස් කළ යුතුව ඇති බවත් මේ ස`දහා විශාල මුදලක් වැය වන බවත් පෙන්වා දුන් එම ඉංජිනේරුවරයා තව දුරටත් කියා සිටියේ මේ වේගයෙන් ධාවනය කළ හැකි නවීන පහසුකම්වලින් යුත් දුම්රිය දෙකක්වත් ඊට අවශ්‍ය බවයි.

ඒ සදහා ද තවත් විශාල මුදලක් වැය වන බව ඔහු කියා සිටියේය.

මේ අවශ්‍යතාවය පැන නැගීමට පෙර මීට වසර පහකට පමණ ඉහතදී අනුරාධපුරය හා කොළඹ අතර පැය තුනකින් දුම්රියක් ධාවනය කරවීමට ඇති හැකියාව පිළිබ`දව සොයා බලා අත්හදා බැලීම් කීපයක්ම කළ බවත් එය ඉටු කිරීමට නොහැකි වූයේ ද ඉහතින් ස`දහන් කළ අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් බවත් ඔහු පැවසීය.

  උපුටා ගැනිම

No comments:

Powered by Blogger.