කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි

කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 24ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ත්‍රීරෝද රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(16) රාත්‍රී 8.50ට පමණ මාලබේ කඩුවෙල මාර්ගයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල පට්ටිය වත්ත පාරට හැරෙන හංදිය අසලදී,  මෙසේ අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් වල වටිනාකම රුපියල් හයකෝටි දෙලක්ෂ අසූ අටදහසක් (රුපියල් 60,288,000) අධික වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 53ක් වන අංක 48/26, ඇසල උයන, ඔබේසේකරපුර, රාජගිරිය හා අංක 21/බී, පට්ටියවත්ත, කොතලාවල, කඩුවෙල යන ලිපින වල පදිංචි බුලත්සිංහලගේ රජිත් නිලන්ත කුරේ යන අය වෙයි.

සැකකරු අද(17) කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7ක් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

No comments:

Powered by Blogger.