සිංහරාජය මැදින් පාරක් කැපීම යුනෙස්කෝවෙන් ප්‍රශ්න කරයි

සිංහරාජය මැදින් පාරක් කැපීම යුනෙස්කෝවෙන් ප්‍රශ්න කරයි

ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතය මැදින් මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් සුදුසු ආයතන හරහා විමර්ශනයක් සිදු කරන ලෙස යුනෙස්කෝ සංවිධානය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. 
 
යුනෙස්කෝ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල්වරයා විසින් මෙම ලිපිය යොමු කරනු ලැබ ඇතැයි සඳහන්. 
 
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම කර ඇති බවයි වාර්තා වන්නේ. 

එම ලිපියේ පිටපත් වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ද යොමු කර ඇතැයි සඳහන්. 
 
මෙලෙස මාර්ගයක් ඉදි කිරීම මගින් සිංහරාජ වනාන්තරයට දැඩි බලපෑමක් එල්ල වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් කළ පැමිණිල්ලේ සඳහන් වනවා. 

No comments:

Powered by Blogger.