පළාත් 4 ක ශ්‍රී.ල.නි.ප සංවිධායකවරුන් කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වේ.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 4.00 ට ජනාධිපති කර්යාලයේදීයි.

නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මේ සඳහා පළාත් 4 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙත කැඳවීම් කර ඇති බවයි.

ඒ අනුව දකුණ, උතුරු මැද , ඌව සහ මධ්‍යම යන පළාත්වල ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ආරාධනා කර ඇති බව මහලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවළ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි.

මේ අතර වයඹ සබරගමුව හා බස්නාහිර පළාත් නියෝජනය කරන නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පැවැත්විය.

No comments:

Powered by Blogger.