"මගේ සමාගමේ සේවක උදය ගම්මන්පිල රුපියල් මිලියන 20ක් වංචා කලා" - ඔස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රැඩ් සැඩික් මහාධිකරණයේදී සාක්ෂී දෙයි

බ‍්‍රැඩ් සැඩික් හා උදය ගම්මන්පිල

ශ්‍රී  ලංකාවේ පවත්වාගෙන ගිය  සිය යකඩ කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ලෙස කටයුතු කල උදය ගම්මන්පිල තමන්ගේ මුදල් වංචා කල බව නඩුව වෙනුවෙන්ම සාක්කි දීමට  ඕස්ටේ‍්‍රලියාවේ සිට ලංකාවට පැමිණි බ‍්‍රැඩ් සැඩික් මහතා කියා සිටියේය.

ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ  අවස්ථාවේදීය.

එහිදී බ‍්‍රැඩ් සැඩික් මහතා පැවසුවේ ඕස්ටේ‍්‍රලියානු ඩොලර් ලක්‍ෂ දෙකක මුදල් කිසිවකු විසින් හෝ වංචනික ලෙස ලබා ගෙන ඇති බව පෑන් ඒෂියා බැංකුවේ නිලධාරීනියක් තමාට දැනුම් දුන් බවය.

නඩුවේ සාක්කිදීමට  බ‍්‍රැඩ් සැඩික් මහතා මෙන්ම ඔහුගේ බිරිඳ වන ජේ. සැඩික් මහත්මියද අධිකරණයට පැමිණ සිටියාය.

මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී  උදය ගම්මන්පිල මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2000 වසරේ ජුලි මස 27 දින හෝ ඊට ආසන්න දිනකදී පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කර ඩිජිටල් නොමිනි පුද්ගලික සමාගම නමින් වූ ව්‍යාපාර කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මගින් ලබාගෙන එම කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කිරීම ඇතුළු අධි චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

No comments:

Powered by Blogger.