විභාග වංචාවකට උදව්කළ ගුරුවරියට විනය පරීක්ෂණයක් ( UPDATE)


විභාග අපේක්‍ෂකයකුට ජංගම දුරකතනයක් ඔස්සේ කෙටි පණිවිඩ මගින් පිළිතුරු යැවූ බවට සැකපිට බළන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට පත් පාසල් ගුරුවරිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමේ මූලික විමර්ශනයක් අද (7) ඇරඹූ බව සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසීය.
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙම මූලික විමර්ශනය පවත්වා ඇයට එල්ල වී ඇති චෝදනා විභාග කර ඇය සම්බන්‍ධයෙන් තීරණයක් ගැනීමට සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත අදාළ විමර්ශන වාර්තාව කඩිනමින් යවන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය.
මෙවැනි චෝදනාවක් සම්බන්‍ධයෙන් වැරදිකරුවෙකු වෙන තැනැත්තෙකුට හෝ තැනැත්තියකට දෙපාර්තමේන්තු මට්ටමින් මුලින් වැඩ තහනමකට ලක්ව පසුව අවසන් විමර්ශනයකදී වරදකරු වුවහොත් සේවයෙන් පහකිරීමකට ලක්වීමට ඉඩකඩ ඇති බව අධ්‍යාපන බලධාරීහූ පෙන්වා දෙති.

අජිත්ලාල් ශාන්තඋදය 

www.reporter.lk

No comments:

Powered by Blogger.