සමාජ ශාලාවේ විදුලි සෝපානය කඩා වැටී ප්‍රකට රගර් ක්‍රීඩක මාර්කෝ මරුට
කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ උස ගොඩනැගිල්ලක පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීම නිසා ප්‍රකට රගර් ක්‍රීඩකයෙකු අද අළුයම මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාර්කෝ යන නමින්ද ප්රකටව සිටින බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි
කෝකිල සමන්දපෙරුමයි.
අද (29) අළුයම 1.50ට පමණ නවම් මාවතේ ග්රීන්ලංකා ටවර්ස්හි 10 වන මහලේ පිහිටා තිබෙන 'අබව්' නමැති සමාජ ශාලාවේ සිට විදුලි සෝපානයෙන් පහළට පැමිණෙද්දී සෝපානය අනපේක්ෂිතව ඇද වැටීම නිසා මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත. අනතුරට ලක්වන අවස්ථාවේ විදුලි සෝපානයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර
අනෙක් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
මියගිය කෝකිල CR & FC රගර් කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙල ක්‍රීඩකයෙකු වූ අතර CR & FC රගර් කණ්ඩායමේ නායක ෂේන් සමන්දපෙරුමගේ සහෝදරයා ද වූයේය. කෝකිල 2012 වසරේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ රගර් නායකයා ලෙසද කටයුතු කර ඇති අතර 2013 ජනාධිපති කුසලාන දිනාගත් කණ්ඩායමද නියෝජනය කළ රගර් ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රසිද්ධ අයෙකු වූයේය.

No comments: