දුම්කොළ සමාගමේ මඩිය තර වෙයි


සිගරැට් සඳහා නිසි පරිදි බදු අය නොකිරීමෙන් රජයේ බදු ආදායම අඩු වී රජයට අවාසියක් සිදුවන අතරම 'ලංකා දුම්කොළ සමාගම' නමින් පෙනී සිටින බ්‍රිතාන්‍යය - ඇමෙරිකා දුම්කොළ සමාගම සිය ලාභය ඉහළ නංවා ගෙන ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.
දුම්කොළ සමාගම 2015 වසරේදී රුපියල් බිලියන 10.6 ක ලාභයක්ද, 2016 වසරේදී රුපියල් බිලියන 12.6ක ලාභයක්ද ලබා ඇත. එය වසරක් තුළ 18.9%ක පමණ ප්‍රමාණයකින් ලාභය ඉහළ යෑමකි. එමෙන්ම 2017 වසරේදී රුපියල් බිලියන 14.6ක ලාභයක් ලබා ඇති බවත් එය 2016ට වඩා 19.9%කින් ලාභය ඉහළ යෑමක් බවත් එම ආයතනය පෙන්වාදෙයි.
කෙසේ වෙතත් සිගරැට් භාවිතය අඩු වී ඇති බවද එම ආයතනය පෙන්වා දෙයි. 2015 වසරේදී සිගරැට් බිලියන 3.96 ක්ද, 2016දී සිගරැට් බිලියන 3.79ක්ද, 2017 වසරේදී බිලියන 3.15 දක්වාද වශයෙන් සිගරැට් පරිභෝජනය අඩු වී ඇති බවද සඳහන් කරයි.

දෙනගම ධම්මික රණවීර

www.reporter.lk

tatab

No comments:

Powered by Blogger.