"යුද හමුදාව උතුරෙන් පිටව යා යුතු නොවේ, ආරක්ෂක අංශ අපට කළේ මොනවාද?'' කිලිනොච්චිය පුරා පෝස්ටර් ඇලවෙයි
උතුරේ ආරක්ෂක අංශ වල සහයෝගය තමන්ට අවශ්‍ය බව කියමින් කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශ වල ජනතාව පෝස්ටර් හා බැනර් දමා තිබේ.
ඔවුන් ඒ පෝස්ටර් හා බැනර් මගින් පවසා ඇත්තේ ගංවතුර වුවදුරෙන් ඔවුන්ව බේරා ගත්තේ දෙමළ දේශපාලනඥයින් නොව ආරක්ෂක අංශ වල පිරිස් බවයි.
මේ නිසා වන්නියේ දෙමළ ජනතාව ආරක්ෂක අංශ සාමාජිකයින්ට ගරු කරණ බවත් ඔවුන්ගේ සේවාව තවදුරටත් වන්නියේ ජනතාවට අවශ්‍ය බවත් එම පෝස්ටර් වල සදහන්ව ඇත.
උතුරු පළාත් සභාව විසින් කිළිනොච්චිය හා මුලතිව් පළාත් වල සිදු කළ විවිධ සංවර්ධන කටයුතු විස්තර කිරීම සදහා යොදා ඇති බෝඩ් වලට පහළින්ද ආරක්ෂක අංශ වෙත වන්නියේ ජනතාවගේ ප්‍රණාමය පුද කරමින් බැනර් එල්ලා පෝස්ටර් අලවා තිබුණි.
''යුද හමුදාව උතුරෙන් පිටව යා යුටු නොවේ''ල හමුදාවේ සහයෝගය අපට අවශ්‍යයි වැනි වැකි ඇතුළත් පෝස්ටර් හා බැනර් මෙන්ම ආරක්ෂක අංශ අපට කළේ මොනවාද? යන්න විස්තර කරමින් ලියන ලද පෝස්ටර් ද මේ අතර දක්නට ලැබෙයි.
කිළිනොච්චිය හා මුලතිව් පළාත් වල ගංවතුරින් අනාථභාවයට පත්ව සිටින ජනතාව මේ පෝස්ටර් වලින් විශාල ප්‍රමාණයක් ලියා තිබුණේ ඔවුන්ට ආහාර පාර්සල් දමාගෙන විත් තිබූ කාඩ්බෝඩ් පෙට්ටි වලින් ඉරා ගන්නා ලද කාඩ්බෝඩ් කැබලි වලය.
කඩදාසි වල හා රෙදි වල ලියන ලද බැනර් භා පෝස්ටර්ද කිළිනොච්චිය හා මුලතිව් පළාත් වල අලවා තිබේ.
(දිනසේන රතුගමගේ)
No comments: