"ඇමතිකම් ඕනේ කියලා මාධ්‍ය තුළින් තර්ජනය කරනවා"
අපේ සමහර මන්ත්‍රිවරු මට මේ ඇමතිකම ඕන කියලා මාධ්‍ය තුළින් තර්ජනය කරනවා මම දැක්කා . ඒවා වැරදි අපි ඒවා අනුමත කරන්නේ නෑ.මාතලේ දිස්ත්‍රික්කය දිනලත් මටත් අද ලැබිලා තියෙන්නේ රාජ්‍ය ඇමතිකමක්. අපිට තනතුරුවලට වඩා වටින්නේ ජනතාව යැයි රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
අලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව අලුවිහාරේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ජනහමුවක් අමතමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
මාතලේ ජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මාතලේට කුඩම්මාගේ සැලකිලි කියලා .අපි දැනගත යුතුයි 19 වන සංශෝධන යටතේ තනි පක්ෂයකට කැබිනට් ඇමතිකම් 30ක් පමණයි දරන්න පුළුවන් විවිධ අර්බුද ප්‍රශ්න නායකත්වයටත් තියනවා අපි මේ මොහොතේ තනතුරු වලට වඩා ජනතාව පක්ෂය ආණ්ඩුව ගැනයි සිතිය යුත්තේ .ඉදිරි මස අවුරුද්ද මැතිවරණ වර්ෂයක් අපිට ආණ්ඩුව නැතිව ජයග්‍රහණය කරන්න අමාරුයි. දැන් අපිට ආණ්ඩුව තියනවා අපි ඒ හයියත් එක්කයි මැතිවරණය කරන්නේ.
මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කියනවා ඔවුන්ට ඇමතිකම් එපා එජාපයෙන් එන අයට ඇමතිකම් දෙන්න කියලා . ඔවුන් ඒ කැප කිරිම කරන්නේ ඇයි ඔවුන්ට ආණ්ඩුව ඕන නිසා ඔවුන්ට ආණ්ඩුව නැතිව ජයග්‍රහණය කරන්න බැරි නිසා. අපි ඉදිරි මාස කිහිපය තුළ නැවත ගම්පෙරළිය වැඩසටහන් වගේ ගමට සංවර්ධනය ගෙන යන වැඩසටහන් රැකියා දෙන වැඩසටහන් කඩිනමින් ආරම්භ කරනවා .
No comments: