දකුණේ මහ ඇමති මහ මැතිවරණ තරග බිමට

දකුණේ මහ ඇමති මහ මැතිවරණ තරග බිමට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තමන්ද තරග කරන බැව් දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්  යුත් පුළුල් සන්ධානයකින් තමන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරග කරණ බවද ප්‍රධාන ඇමතිවරයා සදහන් කළේය.

ශ්‍රි.ල.නි.පක්ෂයේ ඉල්ලිම මත තමන් ශ්‍රි.ල.නි.පක්ෂය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ප්‍රගතිශිලි බලවේගවලින් සැදුම්ලත් පුළුල් සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් විමට  අපේක්ෂාවෙන් පසුවන බවද මහ ඇමතිවරයා පවසයි.

මහ ඇමති ෂාන් විජේලාල් දසිල්වා මහතා අම්බලන්ගොඩ ආසනයේ ශ්‍රි.ල.නි.පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද වන අතර ශ්‍රි.ල.නි.පක්ෂයේ ජේ්‍ය්ෂඨ උප සභාපතිවරයෙකි. මේ අතර දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්නකොන් නිලමේ මහතා සදහන් කළේ තමන්ද හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මහමැතිවරණයට  එජාපයෙන් තරග කිරිම සදහා බලාපොරාත්තු  වෙන් පසුවන බවය. දකුණු පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ පළාත් සභා මන්ත්‍රිවරු රැසක් මෙවර මහ මැතිවරණය සදහා තරග කිරිමට  අපෙක්ෂාවෙන් පසුවන බවද දේශාපලන ආරංචි මාර්ග සදහන් කරයි.

(ලලිත් චාමින්ද)

No comments:

Powered by Blogger.