නැවත නිවාස ඇමැති ධුරය විමල්ට


විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
විමල් වීරවංශ පසුගිය රජය සමයේත් නිවාස හා ඉදිකිරීම් ඇමති ලෙස කටයුතු කළේය.

ඔහු ඇමති ධූරයේ

සිටියදී තම ඥාතීන්ට නිවාස ලබාදී තිබීම ගැන සහ වාහන හිතවතුන්ට ලබාදීම සම්බන්ධ පසුගිය සමයේ පොලිස් පරීක්ෂණ වලට ලක්වූ අතර කලක් සිරගතවද සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී විමල් නැවත නිවාස ඇමති ධූරය ලබාගෙන තිබේ.
මේ වන විට කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22ක් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රමාණය 24 ක් වෙයි.

No comments:

Powered by Blogger.