"කතානායක යෝජනාවක් සම්මත වූ බව පැවැසූ විට එය ප්‍රශ්ණ කරන්න බෑ" - කිරිඇල්ල

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායකවරයා යෝජනාවක් සම්මත වූ බවට සහතික කළාට පස්සේ එම යෝජනාව ගැන ප්‍රශ්ණ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටත්, ගරු ජනාධිපතිතුමාටත් බෑ.” යැයි ලක්ෂ්මන් කිරිඇල් මහතා සඳහන් කළේය.

කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ කැබිනට් මණ්ඩලය දැන් විසුරුවාහැරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලය හා අගමැතිවරයා අහෝසිවුණාට පස්සේ අමාත්‍යාංශ ලේකම්වරු අහෝසිවෙනවා. ජනපතිතුමා බහුතරය නැති කෙනෙක් අගමැති කරපු නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇතිවුණේ. ඊනියා ආණ්ඩුවට තවමත් පාර්ලිමේන්තුවට පනතක්වත් ගේන්න බැරිවෙලා තිබෙනවා. ඒ අයට ඉන්නේ 85. අපි එතුමා (ජනපති) සමග අමනාපයක් නෑ. එතුමාට වැරදි නීති උපදෙස් ලැබී තිබෙනවා. දෙගොල්ලම කඹේ ඇඳගෙන ඉන්නේ. අත්හැරපු අය පරාදයි. අපි මැතිවරණවලට බය නෑ. නමුත් මැතිවරණ තියන්න  ඕන නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ. අපි තමයි එතුමා ජනපති කළේ. එතුමාට රනිල් වික්‍රමසිංහ මහතා සමග ප්‍රශ්ණයක් තිබෙනවානම් අපිට කියන්න තිබුණා. අපිට එහෙම කිව්වෙ නෑ.”

No comments:

Powered by Blogger.