වත්මන් ජනපති ගත් ඥානාන්විත තීරණය ඔස්සේ යළිත් රට ගොඩනගන බව ගෝඨා කියයි

වත්මන් ජනපති ගත් ඥානාන්විත තීරණය ඔස්සේ යළිත් රට ගොඩනගන බව ගෝඨා කියයි

වත්මන් ජනපති ගත් ඥානාන්විත තීරණය ඔස්සේ යළිත් රට ගොඩනගන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැස්බෑව, නැගෙනහිර ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාම ක්‍රීඩාපිටියේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 27) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්විය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පසුගිය කාලේ අපි එළිය වැඩසටහන හරහා දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා ගොස් පැවති රජය රට විනාශ කළ ආකාරය ගැන ජනතාව දැනුවත් කළා. මේ වන විට ඇති වෙලා තිබෙන සුබවාදී වෙනසත් සමග අපි ජනතාව දැනුවත් කරන්නේ මේ ලැබූ ජයග්‍රහණය ආරක්ෂා කරගන්නේ කොහොම ද ඒ ඇයි ඉන් පසු අපේ ජනතා අපේක්ෂාවන් දිනාදිය හැක්කේ කෙසේ ද යන්න ගැන. එදා මහින්ද සුළග, ගෝල්ෆේස් පිටිය පිරවූ මැයි රැළිය, නුවර සිට පැමිණි පාගමන, මෑතක කොළඹ වැටලූ ජනබලවේගය හරහා ජනතාව කිව්වේ රට වැනසූ ආණ්ඩුව පන්නා දමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වන රජයක් බිහිකරන්න කියලා. අපේ රටේ බිහිවුණ ලාබාළතම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. එයින් ජනතාව දුන්න පණිවිඩය මේ රට වැටී ඇති අගාධයෙන් රට බේරගන්න කියන එක. මේ රජය බලයට පත්වුණ මුල් දවස්වල ගෙනාව 19 වන සංශෝධනය හරහා දිගටම බලයේ රැදී ඉන්න පසුගිය රජය බලාපොරොත්තු වුණා. නමුත් පසුගිය රජය රටේ ආර්ථිකය, සංවර්ධනය බිඳ දමලා රටේ ස්වෛරීභාවය ඒකීයභාවය නැති කරන්නට ගෙන ආ ව්‍යවස්ථාව, රණවිරු දඩයම පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වසර තුනහමාරක් ඉවසාගෙන ඉදලා මේ වන විට ඥානාන්විත තීරණයක් අරගෙන තිබෙනවා.   අපි අමතක නොකළ යුතුයි එදා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්නට මුල්වුණ සියලුම බලවේග තවමත් ඒ ආකාරයෙන් තිබෙනවා. ජනතාව අවධානයෙන් සිටිය යුතුයි අපි ලබාගත් මේ ජයග්‍රහණය ඔවුන්ට උදුරාගැනීමට ඉඩ නොදෙන්න. අපි දැක්කා මේ වෙනසින් පස්සේ පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරු වියරු වැටුණු ආකාරය.”

“මොන තරම් නින්දිත ආකාරයෙන් ජනාධිපතිතුමාට එරෙහිව අදහස් ප්‍රකාශ කළා ද කියලා.  විජාතික බලවේග එක්ව ජනතාව මුළාකර පසුගිය රජය ගොඩනැගුවත් කවදත් ජනතා බලය සෑම දෙයකටම වඩා ඉහළයි. මේ ජයග්‍රහණය අපි සෑම දෙනෙක්ම එකතුව ආරක්ෂා කළයුතුයි. අපේ වගකීම තමයි වර්තමානයේ රට වැටිලා තිබෙන ආගාධයෙන් ගොඩගැනීම.  බලයට පැමිණි දවසේ සිට හොරකම් කරපු, එදා සිට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගත්ත, කිසිම හේතුවක් නැතිව රණවිරුවන් හිරේට දාපු මේ අය අද බලය අතහරින්න බැරුව බියෙන් දගලන හැටි අපි දකිනවා. වෙනසිරි වියරු වැටුණු බලවේග නීති වලට මුවාවෙලා මුදල් විසිකරලා අපි ලැබූ ජයග්‍රහණය ආපසු හරවන්න සූදානම් වෙයි.  ඒ හේතුවෙන් අපි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වටා එක්රොක් වී ජනබලය පෙන්විය යුතුයි.  දුක් කම්කටොළු වලින් තොර ප්‍රජාතන්ත්‍රවාදී, ජනතාවට සුබවාදී ආකල්ප ගෙන එන රජයක් අපිට ඉදිරියේ දී බිහිකරන්න පුළුවන් වේවි. අපේ රජය සමයේ ගෙන ගිය සංවර්ධනය නැවතත් ගෙනඑමින් ආර්ථිකය ස්ථාවර රටක් ගොඩනගන්නට යළිත් පෙළගැසෙමු.” යැයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

 

No comments:

Powered by Blogger.