2015 ආණ්ඩු පෙරළියේ නියමුවන් වූ සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් යහපාලනය රැක ගන්න කැරලි ගසන්න සුදානමින්

 

ජනාධිපති මෛත්‍රී විසින් ව්‍යවස්ථා විරෝධීව පත් කර ඇති නව අගමැති මහින්ද ඇතුළු හොරු, දුෂිත, මිනීමරු කල්ලිය පලවා හැරීම සදහා පුජ්‍ය පක්ෂ, විද්වතුන් ඇතුළු සියළු සිවිල් සංවිධාන කටයුතු කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ දින අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්චාවකදී අවධාරණය කර ඇත. සදුදා දිනයේ සිට රට පුරා දැවැන්ත දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත. ව්‍යවස්ථා විරෝධීව පත් කරන ලද මෙම නව ආණ්ඩුව පලවා හැරිම සදහා තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන බවටත් ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීම සදහා කටයුතු කරන බවටත් පුජ්‍ය පක්ෂ, විද්වතුන් ඇතුළු සියළු සිවිල් සංවිධාන විසින් දැනුම් දී ඇත. 

ඒ අතරතුර ජනපති මෛත්‍රී විසින් පත්කල ව්‍යවස්ථා විරෝධී අගමැති ඇතුළු කණ්ඩායම ඉවත් කිරීමට ජේෂ්ඨ නීතිවේදීන් පිරිසක් මෙන්ම ව්‍යවස්ථා පිළිබද විශාරදයින් පිරිසක් කටයුතු කාරණා සිදු කරමින් ඇති බවට විශ්වාසනීය ආරංචි මාර්ග සදහන් කරයි.  

17,994 Viewers   

No comments:

Powered by Blogger.