වැලිකඩ තවත් කැරැල්ලක තොරතුරු හෙළිවේ – 2400ක් කැරැල්ලට සුදනම් කරන්න හදලා

වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින ඉන්දික නමැත්තකු මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන සැලසුම්කරු වන අතර අසංක, රොෂාන්, ගාල්ලගේ, සාගර නමැති රැඳවූවන් පිරිසක්ද මෙයට හවුල්වී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබුණා. මත්ද්‍රව්‍යයක් රැඳවූවන්ට ලබාදී සිහි විකල් තත්ත්වයට පත්කර මෙලෙස කැරැල්ලක් ඇති කිරීම මෙම පිරිසගේ සැලසුම වී ඇති බවයි වාර්තා වන්නේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 4049ක් සිටින අතර චැපල් අංශයේ පමණක් 2400 දෙනකු සිටින බව බන්ධනාගාර මූලස්ථානය තහවුරු කරනවා.

කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා මේ දිනවල බන්ධනාගාරයට අමුත්තන්ගේ පැමිණීම තහනම් කර තිබෙනවා.

මේ හේතුවෙන් රැඳවූවන්ට තම අපරාධ ජාලය මෙහෙයවීමට බාධා පැමිණ ඇති හෙයින් ඔවුන් මෙසේ කැරැල්ලක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව පැවසෙනවා.

මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් විමසූ විට ඔහු පැවසුවේ;

‘‘කැරැල්ලක් ඇතිකිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව ​තොරතුරු අනාවර්ණය වී තිබෙනවා එය විමර්ශනයට පියවර ගන්නා අතර නව ආරක්ෂක සැලැස්මක් යටතේ ආරක්ෂාව තර කිරීමටත් පියවර ගෙන තිබෙනවා’’ යනුවෙනුයි.

-truenews


No comments:

Powered by Blogger.