නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිය ඇරඹෙයි (LIVE)

නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිය ඇරඹෙයි (LIVE)

9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්...

සභාවේ වැඩ කටයුතු ආරම්භ වේ.

09වැනි පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට මහින්ද යාපා අබේවර්ධන මහතා තෝරා පත් කර ගනී.

මන්ත්‍රීවරුන් 223 දෙනෙකු 09 වැනි පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දෙයි.

ජනපති සහ රජය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් පිරිනමයි.

විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් පිරිනමයි. 

    මන්ත්‍රී රවුෆ් හකීම් මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් පිරිනමයි. 

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් පිරිනමමින් සිය කතාව අරඹයි.

      මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් පිරිනමයි.

      මේ පාර්ලිමේන්තුව කටයුතු කරන ආකාරය ගැන මුළු රටම විමසිල්ලෙන් බලා සිටිනවා. ශබ්දය අනුව තීරණ ගන්න කාලයක් මේ පාර්ලිමේන්තුව තුළ තිබ්බා. නමුත් එවැනි දේවල් යළි සිදු නොවීමට කටයුතු කළ යුතුයි - විමල් වීරවංශ මහතා 

      සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා 09වැනි පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව අරඹයි.  

      මාතර දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණෙන් තේරී පත් වූ වීරසුමන වීරසීංහ මහතා 09වැනි පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව ආරම්භ කරමින් නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් පිරිනමයි. 

      කිසිදු ගැටලුවකින් තොරව හා විපක්ෂයේ බාධාවකින් තොරව නව කතානායකවරයා පත් කර ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා - වීරසුමන වීරසීංහ

      අගමැති ප්‍රමුඛ සියලු දෙනාගේ සුබ පැතුම්වලට මාගේ කෘතඥතාවය පල කරමි - කතානායක මහින්ද යාපා අබේවර්ධන

        09වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සියඹලාපිටිය මහතා තෝරා පත් කර ගනී.

              No comments:

              Powered by Blogger.