ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ විවාදයට ගනී (සජීව විකාශය)

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ විවාදයට ගනී (සජීව විකාශය)

අද (21) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

පළමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

මේවන විට ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් සිටියි.

එහිදී ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස විවාදයට ගැනේ.

මේ අතර ලබන 27 සහ 28 යන දිනවල යළි පාර්ලිමේන්තුව රැස්වීමට ද, ඊයේ පැවති  පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම දෙදින තුළ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්ව දිවා ආහාර විවේකයෙන් තොරව පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්විමට එහිදී තිරණය වු බවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නම් කර කිරිමටද  එම පක්ෂය තීරණය කර තිබේ.

මේ අතර මරණ දඬුවමට ලක්ව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තුවට තේරී පත්වු ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යළි දැනුම් දි තිබේ.

ඊයේ ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස දැනුම් දුන්නද ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මංගල සැසිවාරය සඳහා සහභාගි වුයේ නැත.

No comments:

Powered by Blogger.