හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ලැබෙන අළුත් තනතුර
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ යම් තනතුරක් ලබාදීම පිළිබඳව එකඟතාවයක් පවතින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (20) පස්වරුවේ පැවති පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමක දී දයාසිරි ජයසේකර මහතා ඒ බව ප්‍රකාශ කළා.
ඒ අනුව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියේ දී නියෝජ්‍ය අගමැති ලෙස නව තනතුරක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
කෙසේ වෙතත් එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ද, මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇති අතර, එවැනි තනතුරක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ.
ෙ
No comments: