බැසිල් පාර්ලිමේන්තු එනවාද, නැද්ද දැන්ම කියන්න බෑ, රට ගැන හිතලා හරි තීරණය ගනී - පොහොට්ටුව
බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වේද නැද්ද යන්න පිළිබඳව මේ මොහොතේ පුරෝකථන ඉදිරිපත් කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
"ඒක දේශපාලනමය තීරණයක්. ඒක නිසි අවස්ථාවේදී එහෙම අවශ්‍යතාවයක් ආවොත් ගතයුතු දේශපාලන තීරණයක්. ඒක ගැන දැන්ම පුරෝකථනයක් කරන්න අවශ්‍ය නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එම පක්ෂයේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ "We will cross that bridge when we come to it. හැබැයි අපි තීරණය ගන්නේ පුද්ගලයින් ගැන හිතලා නෙවෙයි. රට ගැන හිතලා අපි නිවැරදි තීරණය ගන්නවා" යනුවෙනි.
ඔවුන් මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

No comments: