බතික් සිරි දයාසිරි රජය අංශය සතියට වරක් බතිකෙන් සරසවයි
රජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙනඒමට පියවර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියි.
තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඔහුගෙන් විමසු අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියහ.
බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බතික් ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයට පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.
No comments: