මේක දැන් ලක්ෂ 70ක් ජනතාව එක වේලක් කාලා වේල් දෙකක් බඩගින්නේ ඉන්න රටක් - ඇමති අරුන්දික
මෙරට ලක්ෂ 230ක ජනතාව අතරින් ලක්ෂ 70ක්ම මේ වනවිට එක වේලක් පමණක් ආහාර ගෙන වේල් දෙකක් බඩගින්නේ සිටින තත්වයක් උද්ගතව ඇති බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
"ලක්ෂ 230ක ජනතාවක් ජීවත්වන රටේ ලක්ෂ 70ක් මිනිස්සු එක වේලක් කාලා වේල් දෙකක් බඩගින්නේ ඉන්න රටක්. පිල් බෙදිලා, ආණ්ඩු හදලා, නායකයො පත්කරලා, මේවා මොනවා කරත් වැඩක් නෑ මේ රටේ මිනිස්සුන්ට කන්න නැත්නම්. අපි මිනිස්සුන්ට කන්න දෙන්නයි මේ ආණ්ඩු හදන්න ඕනෙ.
මං කල්පනා කරපු දෙයක් තමයි කොළඹ ඉඳලා මේ අමාත්‍යාංශය කරන්නෙ නෑ කියන එක. මං මේ අමාත්‍යාංශය ගමට ගේනවා. මේක තමයි කාර්යාලය, හලාවත වැවිලි සමාගම. මෙතෙන්ට ගෙනාවෙ අමාත්‍යාංශය. අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන් මෙතෙන්ට එන්න ඕනා මම මහජන දිනය තියන දවසට" යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (19) හලාවත වැවිලි සමාගම් කාර්යාලයේදී සිය අමාත්‍ය ධුරයෙහි වැඩ බාරගනිමිනි.

No comments: