ආණ්ඩුවේ 2/3 බලය 3/4 බලයක් වෙන්න යයි… විපක්ෂ පිරිසක් එක්වන්න සාකච්චා.. මුස්ලිම් කොංග්රසයෙන් ඇමතිකම් දෙකක් ඉල්ලයි
නව ආණ්ඩුවට එක් වීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉහළ පෙළේ පෙළ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා දැනටමත් ආණ්ඩුවේ ප්රබලයකු සමග සිදු කරගෙන යන අතර මෙම පිරිසෙන් වැඩි පිරිසක් විපක්ෂයේ නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්රීවරුන් ය.
ආණ්ඩුවේ ජේෂ්ඨයන්ගේ අදහස විය හැක්කේ දැනට ආණ්ඩුවට තුනෙන් දෙකක බලය තිබුනද කොන්දේසි වලට යටත් නොවී තවත් පිරිසක් එක් කරගෙන එම බලය වැඩි ආරක්ෂා කර ගැනීම ගැටලුවක් නොවන බවයි.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයය නියෝජනය කරන නැගෙනහිර පළාතේ මන්ත්රීවරුන් දෙදෙනෙකු ද මෙසේ ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරමින් සිටියි.
නමුත් ඔවුන් ආණ්ඩුවට එක්වීමට ඇමති ධූරයෙන් ඉල්ලා ඇතත් ආණ්ඩුව ඊට යහපත් ප්රතිචාරයක් දක්වා නැත.

No comments: