පාස්කු ප්‍රහාරය වුණෙත් 19 වැනි සංශෝධනය නිසා. මේක රටට විනාශයක් - ඇමති ජී. එල්. පීරිස්
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරටට විනාශයක් බවත් ජනතාව පාස්කු ප්‍රහාරයෙන් වන්දි ගෙවූයේ එම විනාශය නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
"19 වැනි සංශෝධනය මේ රටට විනාශයක්. අරාජික තත්වයක්. ඒකට ජනතාව වන්දි ගෙවලා තියනවා. පාස්කු ප්‍රහාරය ඇතිවුණා. ඒ ආරක්ෂාව බිඳිලා. ආරක්ෂාවට වගකියන කෙනෙක් නෑ. දැන් 19 වන සංශෝධනයේ කියනවා ආරක්ෂක ඇමති හෝ කිසිම අමාත්‍යාංශයක් ජනාධිපතිවරයාට දරන්න බෑ කියලා. එය සම්පූර්ණයෙන් වැරදියි. මේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන යුතුකම පැවරෙන්නෙ ජනාධිපතිවරයාට. එයට නීතිමය පදනමක් අපට හොයන්න පුළුවන්. හැබැයි කොහොමවුණත් 19 වැනි සංශෝධනය ඒක සඳහන් වෙනවා, ඒ කියන්නෙ කිසිම අමාත්‍යාංශයක්, ආරක්ෂක අමාත්‍යාංශයත් බෑ.
එතකොට ඒ කාලය තුළ ලොකු අභ්‍යන්තර කඹ ඇදිල්ලක් ඇතිවුණා යහපාලන රජය තුළ. කිසිම දෙයක් කරගන්න බැරිවුණා. එතකොට ඒක මේ රටට මහා විනාශයක්. ඒ කියන්නෙ රටේ ආර්ථික සංවර්ධනයට විතරක් නෙවෙයි මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිතවලට. ඉතිං අපි පැහැදිලිව කියලා තිබුණා මේ 19 වැනි සංශෝධනය අපි ඉවත් කරනවා කියලා. එතනින් තමයි අපි පටන් ගන්නේ. ඊට පස්සෙ අපි අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

No comments: