"කොරෝනා ගැන රජය කියන්නේ බොරු - රට පුරා පනස්දාහක් ඉන්නවා" - මනෝ ගනේෂන් (VIDEO)

කොරෝනා වෛරස් ආසාධිතයන් සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිනොගන්නා බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙන්ම රටේ ජනතාවටද එම සංඛ්‍යලේඛණ විශ්වාස නැති බවත් ඔහු කියා සිටියේය.

ආණ්ඩුවට ඇති මැතිවරණ හදිසිය නිසා සැබෑ රෝගීන් සංඛ්‍යාව හෙළි නොකරන බවද ඔහු පැවසුවේය.

මේ වන විටත් බුද්ධි අංශ විසින් කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නම් ගම් සහිතව 50,000 ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් සත්‍යය හෙලි කිරීමෙන් පසු රට විවෘත කිරීමට හැකි බවත් හැමදාම රට වසා දමා සිටීමට අවශ්‍ය නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්,

No comments:

Powered by Blogger.