පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් PCR පරීක්ෂණයට


පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.

පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය  වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු තොග වෙළඳාමට පමණක් අද සිට සීමා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව සිල්ලර වෙළඳ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්.

No comments:

Powered by Blogger.