"පරීක්ෂණ තවම ප්‍රමාණවත් නෑ - දැන්වත් පරීක්ෂණ වැඩපිළිවෙල රටට හෙළිකරන්න කරන්න" - GMOA

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන ආකාරය පිළිබඳ පැහැදිලි විස්තර සහිත පරීක්ෂණ වැඩපිළිවෙල දැන් හෝ රටට හෙළිකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

සෞඛ්‍ය බලධාරීන්ට තමන් මේ බව මීට පෙරම දැනුම් දුන්න ද ඔවුන්ට මෙතෙක් එය ඉටුකිරීමට නොහැකි වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි. 

එසේම දෛනිකව සිදුකෙරෙන පරීක්ෂණ ක්‍රියාවලිය තුළ අත්‍යාවශ්‍ය අංග දෙකක් පිළිබඳ තමන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කළේ මාර්තු 31 වනදා වන නමුත් තවමත් පරීක්ෂණ ප්‍රමාණය සම්බන්ධයෙන් ගැටළු පවතින බව ද ඔවුන් තම ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 

No comments:

Powered by Blogger.