"වෙල්ගම වැඩ්ඩෙක්ලු - සජිත්ගෙන් සහතිකයක්" : පිරිසකගේ විරෝධය

ශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ඇමති ධූර දරා මෑතකදී සමගි ජන බලවේගයට එක්වූ කුමාර වෙල්ගම මහතා දක්ෂයෙකු යැයි එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හැදින්විමට පටන්ගෙන තිබීම එම සන්ධානයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කාලය පුරාවටම වෙල්ගම මහතා කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩි පීඩනයකට ලක් කළ බව වෙල්ගම මහතා විවේචනය කරන්නන් පෙන්වා දෙනු ලැබේ.

වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයට දක්ෂයකු නම් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු නියෝජනය කරන මතුගම ආසනය ජයග්‍රහණය කිරීම කෙසේවෙතත් පරාජය වීමේ සංඛ්‍යාව අවම කරගැනීමට හැකි විය යුතු බවත් ආසනයේ ඡන්ද 25,000 කට වැඩි ප්‍රමාණයකින් පරාජය වූ බව ද ඔවුන් පෙන්වා දෙයි.

වෙල්ගම මහතා සමගි ජන ජන බලවේගයට පැමිණියත් නැතත් කළුතර දිස්ත්‍රික්කයෙන් තම සන්ධානයට අවම වශයෙන් මන්ත්‍රීධුර තුනක් ලැබෙන බවත් වෙල්ගම මහතාගේ පැමිණීමෙන් සිදු වන්නේ කලක් පක්ෂය වෙනුවෙන් කැපවීම් කළ කෙනෙකුට අවස්ථාව අහිමිවීම බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.


No comments:

Powered by Blogger.