මන්ත්‍රීවරියකගේ නිවසකින් මත්පැන් තොගයක් සොයාගනී - සැමියා අත්අඩංගුවට

පුතලේ  නාගරික මන්ත්‍රීවරියකගේ  නිවසකින් අරක්කු බෝතල් 26 ක් , වයින් බෝතල්  15 ක් සහ බියර් කෑන් 48 ඇතුළු මත්පැන් තොගයක් ඊයේ (26)  අත්අඩංගුවට ගත්බව හපුතලේ පොලිසිය කියයි.

මෙම මත්පැන් තොගය සමඟ මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඇඳිරි නීතිය නීතිය අතරතුර මත්පැන් අධික මිල ගණන්වලට අලෙවි කරන බවට හපුතලේ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

ඇදිරි නීතිය අතුරතුර වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් තොගය සඟවා ගබඩා කර තිබූ බව හපුතලේ පොලිසිය පවසයි.


No comments:

Powered by Blogger.