නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා කරයි
නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දිනය තුළ වාර්තා වී ඇති බැවින් එම ප්‍රදේශය හුදකලා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 60 කට අධික ප්‍රමාණයක් වාර්තා වු බවත් එයින් බහුතරය නාවික සෙබළුන් වන අතර, එයින් ද වැලිසර නාවික හමුදා මුලස්ථානයේ සෙබළුන් වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව, දිවයිනේ ප්‍රදේශ රැසකින් ආසාදිතයින් වාර්තා වු බවද කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතෙන් රෝගීන් දෙදෙනෙක්, ටොරින්ටන් හි හැටේ වත්ත ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් හා හැව්ලොක් ප්‍රදේශයේ කොළඹ මහනගර සභාවේ පවිත්‍රතා සේවයෙක්ට ද කොරෝනා ආසාදනය වී ඇතැයි හෙතෙම පැවසීය.
එම පවිත්‍රතා සේවකයා සේවය කරන වාහනයේ රියදුරු කොළඹ, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
No comments: