ගසක සිරවී සිටින කඳුකර කොටියෙක් බේරා ගැනීමට දැඩි උත්සහයක්!
මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න වත්තේ එලවළු කොටුවක දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබු මන්දකට හසු වු කඳුකර කොටියා මන්ද කඩාගෙන දිවගොස් ගසකට නැග ඇති අතර , ගසේ අතු මත මන්දේ කොටසක් රැදිම නිසා කොටියා බේරිමට ගසේ එල්ලි සිටියි.
මන්දට හසු වි සිටින කඳුකර කොටියා ගසක එල්ලි සිටිම සම්බන්ධයෙන් වතු අධිකාරිවරයා විසින් නල්ලතන්නියේ වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දිමෙන් පසු පශු වෛද්‍යයවරයාගේ සහයෝගය ඇතිව මන්දට හසු වි සිටින කොටියා නිර්වින්දනය කර බේරා ගැනිමට කටයුතු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
මන්ද සහිතව ගසේ රැදි සිටින කොටියා බේරි යාමට දැඩි උත්සහක නිතරව ඇත.
හැටන් – රංජිත්
No comments: