මැතිවරණෙ කියන්නෙ කතිරෙ ගහන එක විතරයි, සතොස පෝලිමේ වගේ හිටියම හරි නේ - දිළුම් අමුණුගම

කාලයක සිට විපක්ෂයට මැතිවරණ භීතිකාව නමැති දරුණු රෝගය වැළඳී ඇති බවත්, කොරෝනා වෛරසය ඉදිරියට දමා හෝ මහ මැතිවරණය කල්දමා ගැනීමට අවශ්‍ය වී ඇති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. වත්මන් රජය කිසිසේත් මැතිවරණ කල් දැමීමට කටයුතු නොකරන බවත්, ජනතාවට තමන්ට අවශ්‍ය නායකයන් තෝරා ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් කතිරය ගසා ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීම එතරම් බරපතල ගැටලුවක් නොමැති බවයි අමුණුගම මහතා පවසන්නේ. වෛරසය පැතිරීම සම්බන්ධයෙන් එහි කිසිදු අවදානමක් නොමැති බව පෙන්වා දෙන දිළුම් අමුණුගම මහතා පවසන්නේ එය සතොසෙන් බඩු ගැනීමට හෝ බැංකුවේ කටයුතු සිදුකර ගැනීමට හෝ පොලිමේ සිටිනවාට සමාන තත්වයක් බවයි.

නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්දය පෝලිමේ සිටියහොත් වෛරසය බෝවීමේ අවදානමක් නොමැති බව ඔහු පවසයි.

දිළුම් අමුණුගම හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අනුව මහ මැතිවරණය යන ඡන්දදායකයා පෝළිමේ ගොස් සිය ඡන්ද පත්‍රිකාවේ කතිරය ගසා ඡන්ද පෙට්ටියට දැමීම පමණි. ලක්ෂ ගණන් රාජ්‍ය නිළධාරීන් අවශ්‍ය නැත. ඡන්ද මධ්‍යස්ථානවල නිළධාරීන් අවශ්‍ය නැත. ඡන්ද ගණන් කිරීමට අවශ්‍ය නැත. දස දහස් ගණන් පොලිස් නිළධාරීන් ද අවශ්‍ය නැත.


No comments:

Powered by Blogger.