මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට කොමිසම තීන්දු කරයි.. වෙන කල හැකි දෙයක් නෑ..
මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේ මැතිවරණ කොමිසම විසින් පැවැත්වීමට නියමිත ඇත.
මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා තිබේ.
හෙට පස්වරුවේ මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර සිරස රූපවාහිනිය ඊයේ දිනයේ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් තීරණය කර ඇති බවයි.
ව්‍යවස්ථානුකූලව එය කළ යුතුම තත්ත්වයක් උදා වී ඇති නිසා එම කටයුත්ත සිදුකිරීමටත් මැතිවරණය පැවැත්වීමට සුදුසු තත්වයක් ඇති බවට නිර්දේශ අදාල බලධාරීන්ගෙන් ලිඛිතව ලබා ගැනීමටත් කොමිසමේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් සිදුවී ඇති බවද සිරස නාලිකාව වාර්තා කළේය.
- lankacnews

No comments: