ටොම් ඇන්ඩ් ජෙරී අධ්‍යක්ෂක ජින් ඩීජ් මියයයි

ඔස්කාර් සම්මානලාභී, කාටූන අධ්‍යක්ෂකවරයකු වන ජින් ඩීජ් මියගොස් තිබේ.
ජනප්‍රිය ටොම් ඇන්ඩ් ජෙරී කාටූනයේ අධ්‍යක්ෂවරයාවන්නේද ජින් ඩීජ් මහතායි.
මිය යන විට ඒ මහතා 95වන වියෙහි පසුවුණා.
පසුගිය බ්‍රහස්පතින්දා ඔහු සිය නිවසේදීම මිය ගිය බවත් නිරෝගීව කාලය ගත කළ ඒ මහතාගේ මිය යාම සම්බන්ධව මෙතෙක් කිසිඳු හේතුවක් වාර්තා වී නැති බවත් ඔහුගේ හිතවතකු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

No comments:

Powered by Blogger.